
ශ්‍රී ලංකාවේ මාපිල් විශේෂ පහක් හමුවේ. ඉන් ඉතාමත් සුලභවම හමුවන මාපිල් විශේෂයක් ලෙස නිදි මාපිලා සැළකිය හැකිය. මිනිසුන් තුළ බොහෝ මිත්‍යා මත පැවතුනද නිදි මාපිලා යනු ලංකාවට ආවේණික ඉතා සුළු විෂක් සහිත රුක්වාසි සර්ප විශේෂයකි. මොවුන් ගොදුරු සොයා නිවෙස් වලටද පැමිණෙන අවස්ථා බොහෝ විට දැක ගත හැකිය. හූනන්, කුඩා කුරුලු පැටවුන් , මීයන්, ගස් මැඩියන් වැනි කුඩා උභය ජිවී සතුන් ද ආහාරයට ගනී. බොහෝ විට රාත්‍රී කාලයේ හමුවන නමුත් දහවල් කාලයේද කලාතුරකින් හමු විය හැකිය.